FAST NEWS

24×7 Around the Globe

තෝමස් කුක් සිය සේවා අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලන්ඩන් හි ක්‍රියාත්මක තෝමස් කුක් සංචාරක මෙහෙයුම් හා ගුවන් සේවා සමාගම සිය සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තහවුරු කර ඇති අතර , ඒ සම්බන්ධයෙන් තෝමස් කුක් සමාගමේ ප්‍රධාන විධායක පීටර් ෆැන්කෝෂර් කණගාටුව පළ කර ඇති බව ද වාර්තා වෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ලොව පුරා මෙම සමාගමේ සේවය කරන සේවකයන් 22,000 කගේ රැකියාද අහිමිවීමේ තත්ත්වයක් පවතින බවයි.

මිට අමතරව, මෙම තත්ත්වය යටතේ තෝමස් කුක් සමාගම හරහා සංචාර වලට එක්වූ ලක්ෂ 06 ක පමණ පිරිසක් විදේශ වල සිරවී සිටියි.