FAST NEWS

24×7 Around the Globe

කොකේන් තොගයක් මැලේසියාවේ දී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු ඇමරිකාවේ සිට රැගෙන ආ ටොන් 12ක කොකේන් තොගයක් මැලේසියාවේ පොලීසිය සිය භාරයට ගැනීමට සමත් වී තිබේ.

ගල් අඟුරු හා මිශ්‍ර කොට බහාලූම් තුනක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 575කට අධික බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය විශ්වාස කරන්නේ මෙම කොකේන් තොගය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමට සැලසුම් කර තිබූ බවයි.

මෙය මැලේසියාවෙන් සොයා ගැනුණු විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගයයි.