මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඊයේ (14දා) බත්තරමුල්ලේ පිහිටි මහා මාර්ග අමාත්‍යාංශයේදී සුබ මොහොතින් වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත කරුණු දැක්විය.
එහිදී ඇමැතිවරයා මෙසේ කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මම ස්තූති වන්ත වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය වැනි ප්‍රබල අමාත්‍යාංශයක රාජ්‍ය ඇමැති ධූරයක් ලබා දීම පිළිබඳව.
පිං අගමැති
දැන් මැතිවරණය ඉවරයි. දැන් තියෙන්නේ රට සංවර්ධනය කරන්න එකට එක් වී කටයුතු කිරීමයි. මහා මැතිවරණයේදී මේ රටේ ජනතාව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකට වත් ආණ්ඩුවක් පිහිටු වන්න බලයක් ලබා දුන්නේ නැහැ. ජනතාව කිව්වේ එකට එකතුවෙලා දැන්වත් වැඩ කරන්න කියලයි.
දින සියය ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රම සිංහ මහතාට අපිකියලා කිව්වට දැන් අපිට එතුමට එහෙම කියන්න බැහැ. මහා මැතිවරණයේදී අපි පක්ෂයක් හැටියට පරාජයට පත් වුණා. අපි රනිල් වික්‍රමසිංහ මහතාට පිං අගමැති කියලා කිව්වේ පාර්ලිමේන්තුවේ බලය සන්ධානයට තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයුතු කිරීම නිසයි.
මේ රටේ මහාමාර්ග පද්ධතිය දියුණු කරන්න ලක්ෂමන් කිරිඇල්ල ඇමැතිතුමන් සමග එකතු වෙලා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරනවා යෑයිද ඇමැතිවරයා පැවසීය.
මේ අවස්ථාවට දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු සහ මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ.








