(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ පැවැත් වුණු බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දින පවත්වන බව මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග හදිසියේ මෙම හමුව කැඳවා තිබුණි.
ඒ අනුව ඊයේ රාත්‍රී 9.55ට ජනාධිපතිවරයාගේ නිවෙසේදී මෙම හමුව පැවැත්වුණි.
මෙම සාකච්ඡාව පැය එකහමාරක් පමණ කාලයක් පවතී අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා පවත්වා ඇත.
මෙහිදී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සහාය දක්වන ලෙසයි.
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එය ප්‍රතික්ෂේප කර ඇති අතර ජනධිපතිවරයා පවසා ඇත්තේ පොහොට්ටුව ලකුණට සහාය පළ කළ නොහැකි බවයි.
නමුත් වෙනත් ලකුණකින් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා පවසා තිබේ.









