FAST NEWS

24×7 Around the Globe

පිරිමි දරුවන්ගේ මළ සිරුරු 3ක් හමුවිමත් සමඟ පාකිස්ථානයේ විරෝධතා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානයේ කසූර් දිස්ත්‍රික්කයේ පිරිමි දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඉන් එක් දරුවෙකු දූෂණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනෙක් දරුවන් දෙදෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි එරට පොලිසිය පවසයි.

පන්ජාබ් පළාතට අයත් කසූර් දිස්ත්‍රික්කයේ ගත වු වසර කිහිපය තුළ ළමුන් පැහැර ගැනිම්, දුෂණ හා ඝාතන රාශියක් ද වාර්තා විය.

2018 වසරේ හය හැවිරිදි දැරියක් ඝාතනයට ලක්විම සම්බන්ධයෙන් ද ප්‍රදේශයේ විරෝධතා ක්‍රියාත්මක වූ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලිසියේ නොහැකියාවෙන් දෙදෙනෙකු මියගිය බවටයි.