FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන ප්‍රහාරය ගැන සෞදිය ජගත් සංවිධානයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණවලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එරට රජය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් එවැනි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි සෞදි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ අතර , යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාර දෙක දියත් කර ඇති බවට සැක පළ කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

සෞදි අරාබියේ ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ තමන් දන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.