FAST NEWS

24×7 Around the Globe

ගෝඨා ආවොත් නාමල්ගේ අනාගතය අනතුරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් ලෝ ලෙවල් මර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට මීළඟ 7වන විධායක ජනාධිපති වශයෙන් පත්වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයකු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහයෝගයද ලැබෙන බවත් ප්‍රකාශ කර තිබේ.

2015 රාජපක්ෂවරු පරාජයට පත් කළේ, හොරකම, වංචාව, දූෂණය, නාස්තිය පමණක් නොව සුදුවෑන් සංස්කෘතිය ද අවසන් කරමින් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත්වනුයේ විශ්‍රාමික හමුදා ජනරාල්වරු බවත් මහින්ද රාජපක්ෂට එවිට ඔහුව පාලන කල නොහැකි බවත් ඒ හේතුවෙන් මහින්ද රාජපක්ෂගේ ප්‍රාර්ථනාව ද ගෝඨාභය පරාජය කිරීම බවත් ඔහුගේ අදහසයි.

මහින්දගේ හිතවාදීන් එක් පැත්තකින් බොරුවක් කරමින් එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට අනිත් පැත්තෙන් සහයෝගය ලබාදෙමින් සිටින අතර ගෝඨාභය ජනාධිපති වුවහොත් නාමල්ගේ අනාගතය ද අනතුරේ බව මරික්කාර් මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේය.