(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළබෙන පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් 10 දෙනා ගත් තීරණය එරට කාණ්ඩායමේ හිටපු නායක සහ ජාත්‍යන්තර විස්තර විචාරකයකු වන රමීස් රාජා දැඩි විවේචනයට ලක් කළ තිබේ.
රමීස් ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනෙකු සංචාරයට එක් නොවීම වඩාත් කනගාටුදායක වන්නේ එලෙස ඉවත්වුණු ඇතැම් ක්‍රිඩකයන් මුදල් වලට ක්‍රීඩා කරන ක්‍රිකට් තරග වෙනුවෙන් සහභාගි වීමට තීරණය කර තිබීම බව ප්‍රකාශ කර ඇත.
Don’t know what to read into 10 Sri Lankan players pulling out of Pak tour. Disappointing! And couple of them then opting instead to play franchise cricket. Wow!
— Ramiz Raja (@iramizraja) September 10, 2019
පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව අකමැත්ත ප‍්‍රකාශ කර ඇත.
අනතුරුව, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, සහ සුරංග ලක්මාල් යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ද පාකිස්තානයේ තරග කිරීමට අකමැත්ත ප‍්‍රකාශ කර ඇති අතර, ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් ද අදාළ සංචාරයෙන් ඉවත්ව තිබේ.









