(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා අනිද්දා සිට නිරීක්ෂකයින් යොදවන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ මැතිවරණ කොමිසම , පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.








