(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි
එරට මාධ්‍ය වාර්තා පවසන්නේ සෞදියේ විශාලතම තෙල් ගබඩා පර්යන්තය වන ඇබ්ක්වයික් ඉහළින් විශාල දුමාරයක් සහ ගිනි ජාලා පවතින බවයි.
අනෙක් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුරායිස් හි පිහිටි තෙල් ගබඩා පර්යන්තයටයි.
එහි හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාර දෙක දියත් කර ඇති බවට සැක පළ කරන බවයි.









