FAST NEWS

24×7 Around the Globe

සජිත් ජනාධිපති නම් අගමැතිකම මෛත්‍රීපාලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට පැමිණිය යුතු යැයි රහසිගත සාකච්ඡාවකදි අමාත්‍ය සජිත් පැවසු බව ආරංචි මාර්ග පවසයි.

ඒ පසුගිය අඟහරුවාදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අතර පැවැත්වූ රහස් සාකච්ඡාවේදීය.

එම හෝටලයේ කාමරය වෙන්කර ගෙන තිබුණේ වෙනත් අයෙකුගේ නමින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි

මෙහිදී ඩඩ්ලි සිරිසේන සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ අගමැති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වන්නේ නම් ඒ ගැන සෘජුව තමන් මැදිහත්ව කටයුතු කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අගමැති ධුරය ලැබෙන්නේ නම් අවශ්‍ය සහයෝගය ලබා දීමට තමන් සහය දෙන බව ඩඩ්ලි සිරිසේන පවසා ඇති බවයි වාර්තා වන්නේ.