FAST NEWS

24×7 Around the Globe

ගයාන් චතුරිකා කැදැල්ලට පුංචි ආරාධනාවක් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුංචි තිරයේ මෙන්ම රිදී තීරයේද අතිශය ජනප්‍රිය තරු යුවලක් වන ගයාන් වික්‍රමසිංහ සහ චතුරිකා පීරිස් පසුගියදා සිය පළමු මව්පිය අත්දැකීම අත් වින්දෝය.

මෙම තරු යුවලගේ පළමු දරුවා දියණියක් වීම මෙහිදී ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වන බවත් ගයාන් පෙර සිටම ඇගේ නම “ආරාධනා” ලෙස නම් කිරීමට තීරණය කර සිටි බවත් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.

කෙසේ වෙතත් ගයාන් චතුරිකාට සහ පුංචි බිලිඳිය ආරාධනාට සුභ පතමින් සමාජ ජාලා ඔස්සේ ජනප්‍රිය තරු රැසක් මේ වන විටත් පණිවිඩ එක් කරමින් සිටී.

නාරාහේන්පිට ninewells care රෝහලේ උපත ලැබූ පුංචි ආරාධනා සහ මව චතුරිකා සුවෙන් පසු වන බව වැඩිදුරටත් වාර්තා වේ.