FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ ප්‍රථම මැලේරියා එන්නත අද අත්හදා බැලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ලෝකයේ ප්‍රථම මැලේරියා එන්නත කෙන්යාවේදී අද (13) අත්හදා බැලෙන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වෙයි. 

එම වැඩසටහන යටතේ ඉදිරි වසර 03 තුළ තුන් ලක්ෂයක් ළමයින්ට අදාළ එන්නත ලබාදීමට නියමිතයි.

මදුරුවන් මගින් ප්‍රචාරණය වන මැලේරියා රෝගය මගින් වසරකදී ලොව පුරා හාරලක්ෂයකට අධික පිරිසක් මිය යන අතර, ඉන් බහුතරයක් ළමයින් වීම විශේෂත්වයක්.