FAST NEWS

24×7 Around the Globe

රටම බලා සිටි එජාප ජනපති අපේක්ෂකයා හෙළිකරන දිනය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට මහත් කතාබහට ලක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා එළැඹෙන 17,18,19 යන තෙදින තුළ නම් කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් හෙට (14) රාත්‍රියේ පැවැත්වෙන බවත් ඒ සදහා රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිත බවත් වාර්තා වෙයි.

එම සාකච්ඡාවේදී ගනු ලබන තීරණය පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කොට ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයට එළැඹෙන බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

රට ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා නම් කර එළඹෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.