FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් හමුවූ තිසර යළි කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට සහභාගිවීම සඳහා තිසර පෙරේරා හට සැප්තැම්බර් 15 වැනිදාට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් උපදෙස් ලබා දී ඇත.

ඔහු මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් හි කැරිබියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් විස්සයි20 තරගාවලිය (Caribbean Premier League – CPL T20) නියෝජනය කරමින් සිටියි.

තිසරගේ සේවය පාකිස්තාන සංචාරයට අවශ්‍ය වූ සැනින් ලබා දිය යුතු බවට වන කොන්දේසිය මත ඔහුට CPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් (SLC) අවසර ලබා දී තිබේ.

තිසර මෙවර ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය කිරීමට අකමැත්ත පළ කළද, 2017 වසරේදී පාකිස්තානයේ සංචාරය කළ ශ‍්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා විය.

ඔහු පසුගියදා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද CPL තරගාවලිය අතරතුර මුණ ගැසී ඇත.