(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් එම තනතුරෙන් ඉවත් කිරීමට ඩොනල්ඞ් ට්රම්ප් විසින් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැවසුවේ සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි තමන් ජෝන් බෝල්ටන්ගෙන් ඉල්ලීමක් කළ අතර , ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට භාර දුන් බවත් සදහන් කර ඇත.
ඉදිරි සතියේදී නව ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු පත් කරන බවත් ජනාධිපතිවරයාගේ ටිව්ටර් පණිවිඩයේ සඳහන්.
ජෝන් බෝල්ටන්ගේ කි්රයාකලාපය සමග තමන් කිසිසේත් එකග නොවන බැවින් මෙම තීරණයට එළඹි බව ට්රම්ප් වැඩිදුරටත් ප්රකාශ කළේය.









