FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නායක බලය මත කබීර් හෂීම් ධුරයෙන් ඉවතට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේ ඒ අනුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය අද (10) හෝ හෙට (11) දිනයන් ඇතුලත කබීර් හෂීම් මහතාට යොමු කරන බවයි

මෙම නෙරපීම, ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් සිදු කරන බවත් කබීර් හසීම්  සෘජුව පෙනී සිටින්නේ සජිත්වාදී පිල වෙනුවෙන් බවත් නිසාද සදහන් වෙයි