FAST NEWS

24×7 Around the Globe

පකිස්තාන සංචාරයට නායකත්වය දීමට දින පහක් තිබියදී තිරිමාන්නට ආබාධයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අද(10 ) කොන්දේ ආබාධයකට ලක්වී තිබෙන අතර ඒ අනූව ඉදිරි පාකිස්ථන සංචාරය සදහා ඔහුගේ සහභාගීත්වයද අවිනිශ්චිත විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

බොහෝ දෙනා මත පල කළේ දිමුත් වෙනුවට එක්දින පිළේ නායකත්වය තිරිමාන්නට හිමිවිය හැකි බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් 10ක් මෙම පාකිස්තානය සංචාරය ප්‍රතික්ශේප කළේ ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමිනි.

පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත් විය.

නමුත් අද ඇතිවූ තත්වය සමග ශ්‍රී ලංකා නායකත්වය තරමක් අර්බුධකාරී තත්වයකට පත්ව තිබෙන බව වැඩිදුර ආරංචි මාර්ග වාර්තා කරයි.