(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එළබෙන සංචාරය සඳහා සිය අකමැත්ත ප්රකාශ කල ශ්රී ලංකා ක්රීඩක තිසර පෙරේරා ඊයේ (09) තම ට්විටර් ගිණුම හරහා නව ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත එක් කර තිබේ.
ඒ ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සමග ඡායාරූප කිහිපයකට පෙනී සිටමින්.
තිසර මේ වන විට 2019 කැරිබියානු ප්රිමියර් ලීග් (CPL) තරඟාවලිය සඳහා සහභාගී වීමට සිටියි.










