FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (10) සිට සති පහක කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන බව එරට මාධ්‍ය වාර්තා පවසයි. 

මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවී ඇත්තේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය ඊයේ දෙවන දිනටත් අසාර්ථක වීම හේතුවෙන්.

පාර්ලිමේන්තුවේ බහුතර පිරිසකගේ අදහස වන්නේ එකඟතාවකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වැළැක්වීමට ඊට පෙර පියවර ගත යුතු බවයි.