(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු යුදහමුදාපතිවරයා දේශපාලනයට පිවිසීමේ සුදානමක් පවතින බවට බොහෝ දෙනා ප්‍රශ්න කරමින් සිටි.
මේ අතර තුරු ඔහු ඊයේ ”එක් හඬක්- සුරක්ෂිත රටක්- ස්වාධීන ජාතික බලවේගය” යන තේමාවෙන් යුතුව කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී සංවිධානය කර තිබු රැස්වීමකට සහභාගී වී තිබේ.
මෙම අවස්තාවේදීද බොහෝ දෙනා ඔහුගෙන් ප්‍රශ්න කලේ ඉදිරියේදී දේශපාලනයට පිව්සීමේ සුදානමක් තිබේද යන්න පිළිබඳවය.
එම රැස්වීමේ දී ”ජනතාව විසින් රටක නායකයින් ගෙදර යවන හැටි” යන මාතෘකාව ඔස්සේ පුළුල් සංවාදයක් සිදුව තිබේ.
කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනය කර තිබු මෙම සංවාදයේදී පක්ෂ, පාට, ජාති බේදයෙන් තොරව සියළු ජාතීන්ගේ ශක්තියෙන් ශ්‍රී ලංකාව ගොඩනැගීමේ යුගයේ අවශ්‍යතාවය ඉටුකරවා ගැනීම සඳහා සක්‍රියව මැදිහත්වීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් කර ඇත.









