FAST NEWS

24×7 Around the Globe

රෝහිත රාජපක්ෂ පිය පදවියට (photos)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ ආදරණීය බිරිද වන ටට්යානා මේ වන විට තම ජීවිතයේ අපූරු කඩඉමකට සූදානමින් සිටී. 

ටට්යානා මේ වන විට ගතකරමින් සිටින්නේ තමන්ගේ ගැබිණි සමයයි.

මොවුන් දෙපළ නුදුරේදීම මවකු සහ පියෙකු වීමේ සොදුරු සිහිනය දකිමින් මේ දිනවල කාලය ගතකරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වීමටත් ශිරන්ති රාජපක්ෂ මැතිණිය මිත්තනියක් වීමටත් ඉතා ආසන්නය.

රෝහත සහ ටට්යානා යුවළ පසුගිය ජනවාරි 25 වන දින විවාහ දිවියට එළැඹුනහ.

මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වී සිටි අතර , තරු හෝටල් සම්ප‍්‍රදායෙන් බැහැරව මෙම උත්සවය වැවක් ආසන්නයේ පිහිටි භූමි ප‍්‍රදේශක සංවිධානය කර තිබීම ද විශේෂත්වයකි.

 

Image may contain: 5 people, people smiling, people sitting, people standing and indoor