(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයේ ටෝකියෝවලට බලපා ඇති ෆැක්සායි නම් ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් දස දහසක පමණ පිරිසක් වාසස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 216 ක ප්‍රබලත්වයකින් ටෝකියෝ බොක්ක හරහා චිබා අර්ධද්වීපයට අද අලුයම ළඟාවී ඇති අතර , එහි බලපෑමෙන් අධික වර්ෂාවක් සහ ජල ගැලීම් තත්ත්වයක්ද හටගෙන ඇති අතර, විදුලිය බිඳවැටීම් හේතුවෙන් දෙලක්ෂ අනූ දහසක පමණ ජනතාවක් පීඩාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් ටෝකියෝ හි දුම්රිය ගමන් වාර 100 ක් සහ ගුවන් ගමන් 100 කට වැඩි ප්‍රමාණයක් ද මේ වනවිට අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.
ආපදාවෙන් වැඩි බලපෑම් එල්ලවනු ඇති බවට සැක පල කෙරෙන ඉහළ ටෝකියෝ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත් බලධාරීන් දැනුම් දී තිබේ.
ජපානයට මෙම කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙන්නේ රග්බි ලෝක කුසලානය පැවැත්වීමට සූදානමින් සිටින පසුබිමකයි.
ඇතිවී තිබෙන අයහපත් කාළගුණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම ජපානය වෙත පැමිණීම ප්‍රමාද කර ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරයි.









