FAST NEWS

24×7 Around the Globe

ලෝක වාර්තා තැබූ පසු මාලිංග ගෙන් බුම්රා ගැන විශේෂ ප්‍රකාශයක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තමා ලබා දුන් උපදෙස් සිහි කිරීම බුම්රා සතු “නිහතමනී” ගුණාංගයක් බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග ඊයේ (06) තරගයෙන් අනතුරුව පැවසීය.

බුම්රා ට මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ සහ වර්තමානයේ ක්‍රීඩා කරන සෑම ක්‍රීඩකයෙකුටම තම අත්දැකීම් ලබා දී ඇති නමුත් ඔවුන් තමා පිලිබඳව සටහනක් නොකිරීම සම්බන්ධයෙන් කිසිදු අමනාපයක් නොමැති බව මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසට පත් කිරීම මෙරට මාධ්‍ය හැඳින්වුයේ ඔහුට තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාව නොමැතිකම හේතුවෙන් ලබා දුන් තනතුරක් ලෙස බව, මාලිංග මෙහිදී පැවසීය.

කෙසේනමුත්, “ඔවුන් (මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම) මගේ වටිනාකම තේරුම් අරගෙන මට ඒකට සාධාරණයක් කළා. මං ඒකට ඔවුන්ට සාධාරණයක් කරලා දැන් ජස්ප්‍රිට් බුම්රා කියන ක්‍රීඩකයා හොඳට පන්දු යවනවා,” යැයි මාලිංග අවධාරණය කෙරීය.

ඒ අනුව, යම්කිසි අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) හෝ ඕනෑම ක්‍රීඩකයෙකු ඔහුගේ උපකාර බලාපොරොත්තු උවහොත් ඒ සඳහා තමා ඉදිරිපත් වන නමුත් “ඒ අංශ වලට අදාළ පුද්ගලයන් ඉන්නකොට මට අදාළ කාරණාවක් නෙමෙයි ඒක,” යැයිද මාලිංග වැඩි දුරටත් පවසා සිටියේය.

මේ අතර, “ලසිත් මාලිංගගේ දෑස් ඉලක්කයට යොමු වූ විට කිසිවක් ආරක්ෂිත නැත,” යනුවෙන් වන උපහාර සටහන් මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ බුම්රා ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම් හරහා නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් ලෝව පළමු පන්දු යවන්නා බවට මාලිංග ඊයේ වාර්තා අතරට එක්විය.

විස්සයි20 කඩුලු 100 සම්පූර්ණ කළ මාලිංග ලෝව එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු පන්දු යවන්නා ලෙසද ඔහු වාර්තාවක් පිහිටවීය.

විස්සයි20 පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය මෙය වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝව එකම පන්දු යවන්නාද ඔහු වෙයි.

මාලිංග මීට පෙර එක්දින පිටියේදී පිට පිටම පන්දු 4 කදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 4 ක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිට වීය. ඒ අනුව, ජාත්‍යන්තර විස්සයි20 හා පන්දුවාර 50 තරගවලදී එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝව එකම හා පළමු පන්දු යවන්නා වන්නේද මාලිංගයි.

මාලිංග ඊයේ තරගයේදී තැබූ ලෝක වාර්තා;