FAST NEWS

24×7 Around the Globe

ආබාධ හේතුවෙන් අද තරගයට ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් වල වෙනස්කම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තයට එරෙහිව අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණයකින් නිමා කරගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේට පිවිසෙයි.

දෙවන විස්සයි20 තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී අනතුරට ලක්වු කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසුරිය අද පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරන අතර මෙන්ඩිස්ගේ ස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එකතුවේ.

මේ අතර, ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උපනායක නිරෝෂන් දික්වැල්ල ද පාදයේ ආබාධයකට ලක්ව සිටි අතර ඔහු අද තරගයට සහභාගිවීම සම්බන්ධයෙන්ද ඇත්තේ අවිනිශ්චිත තත්වයකි.

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ද ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගි වීම අනපේක්ෂිත තත්ත්වයක පවතින නමුත් ආබාධයකට ලක්වීම හේතුවෙන් දෙවැනි තරගය ක‍්‍රීඩා නොකළ රෝස් ටේලර් අද තරගය බොහෝ දුරට ක‍්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද තරගය ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය.