FAST NEWS

24×7 Around the Globe

සනාගේ නායකත්වය යටතේ ලෝක ක්‍රීකට් පිළට විස්සයි විස්ස ජයක්.

නේපාල භූකම්පනයෙන් පීඩාවට පත් වූවන්ට ආධාර පිණිස ප‍්‍රදර්ශනාත්මක පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදි ඉකුත්දා පැවැත්වුණා.

එ නේපාල ජාතික කි‍්‍රකට් කණ්ඩායම සහ ලෝක කි‍්‍රකට් කණ්ඩායම අතරයි. සනත් ජයසූරිය ලෝක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

පාකිස්තානු කී‍්‍රඩක රෂීඩ් ලතීෆ්, බංග්ලාදේශ කී‍්‍රඩකයින් වන සොහාග් ගාසි සහ අබ්දුල් රසාක් යන කී‍්‍රඩකයින්ද ලෝක කණ්ඩායමට ඇතුළත්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලෝක කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් වුණා.

මාකස් ස්ටොයිනිස් ලකුණු 48ක් රැස් කළා. නායක සනත් ජයසූරිය රැස් කළේ ලකුණු 6ක් පමණයි.

ලකුණු 136ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය නේපාල කණ්ඩායම, පන්දුවාර 19යි පන්දු දෙකක් අවසානයේ ලකුණු අනූ අටකට  සියල්ලන් දැවී ගියා.

පන්දු යැවීමේදී ලෝක කි‍්‍රකට් කණ්ඩායමේ නායක සනත් ජයසූරිය ලකුණු 10කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

snaa-01 snaa-02