(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දීප්වීර් යන සුරතල් නමින් බොලිවුඩයේත්, රසිකයන් අතරත් ජනපි‍්‍රය දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං පිලිබඳ අලුත්ම පුවතක් මේ දිනවල සීග්‍රයෙන් අන්තර්ජාලය හරහා පැතිරෙමින් පවතී.
ඒ ඔවුන් දෙදෙනා මවුපිය පදවිය ලැබීමට සුදානම් වන බවයි.
ඔවුන්ගේ විවාහය සිදු වූ දිනයේ පටන් මෙම සුභ ආරංචිය ලැබෙන තුරු ඔවුන්ගේ රසිකයන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටියේය.
කෙසේ වෙතත් මෙම පුවත තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වී නොමැති අතර ඔවුන් දෙදෙනා මේ පිළිබඳව යම් යම් ඉඟි පළ කර ඇති බව බොලිවූඩ් වාර්තා පවසයි.









