(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1993 පෙබරවාරි පළවන දා ඇන්ටිගුආන් හිදී උපත ලැබූ රාකීම් රෂාන් ෂේන් කෝර්න්වෝල් මේ වන විට පසුවන්නේ 26 වැහැවිරිදි වියේයි.
ඔහු ප්‍රධාන වශයෙන් ක්‍රීඩාකරනු ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටයි.
උස අඩි 06 යි සෙ.මී 05 ක උසකින් යුත් රාකීම් කෝර්න්වෝල් දකුණතින් තම පිතිකරණය සිදුකරනු ලබයි.
කිලෝග්‍රෑම් 140 ක් බරැති රාහීම් කෝර්න්වෝල් ලෝකයේ බරින් වැඩිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් ලෝකයාට සනාථ කරවූයේ උත්සහය ඇතිනම් උස , බර , වයස යනු හුදෙක්ම ඉලක්කම් පමණක්ම බවයි.
2016 ජූලි මාසයේදී ඔහු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමෙන් තම ක්‍රකට් දිවිය ආරම්භ කරන අතර , 2016 ඔක්තෝම්බර් මාසයේදී ඔහු බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා සංචාරයක් සඳහා තේරී පත් වී නිල නොවන ටෙස්ට් තරග තුනටම සහභාගී වීමට අවස්ථාව උදාවිය.
2017 අප්‍රියෙල් මාසයේදී ගයනාට එරෙහිව කලාපීය සිව් දින තරඟ තරඟයකදී ඔහු කීරාන් නොමැති විට ලීවර්ඩ් දූපත් වල නායකත්වය දැරීය.
රාකීම් රෂාන් 2018–19 කලාපීය සුපර් 50 තරගාවලියේදී ලීවර්ඩ් දූපත් වෙනුවෙන් කඩුලු ලබා ගත් ප්‍රමුඛයා වූ අතර තරග අටකදී දවාලීම් දහහතරක් ලබාගත්තේය.
2019 අගෝස්තු මාසයේදී ඔහු ඉන්දියාවට එරෙහි තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට නම් කරන ලද අතර, ඔහු 2019 අගෝස්තු 30 වන දින ඉන්දියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගයට පිවිසියේය.









