FAST NEWS

24×7 Around the Globe

පෘථිවියේ පෙනහළු රැක ගැනීමට ලියනාඩෝ ගෙන් ආධාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –ලියනාඩෝ ඩිකැප්‍රියෝ ආරම්භ කරන ලද Earth Alliance නම් පරිසර සංවිධානය විසින් ඇමසන් වනාන්තර විනාශ කරමින් පැතිරී යන ගිනි මැඩලීම වෙනුවෙන් සහය ලබාදීම සඳහා ඇ.ඩොලර් මිලියන 05ක මූල්‍යමය ආධාරයක් ලබා දෙන බව පසුගියදා නිවේදනය කර තිබේ.

මෙම ක්‍රියාව වෙනුවෙන් මහජනයාගේ මුදල් පරිත්‍යාග කිරීමට පෙළඹවීමක් ඇති කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙන අතර ඇමසන් රැක ගැනීමේ මුලික ආරක්ෂණ කටයුතු සඳහා එම මුදල යොදා ගැනෙන බව ඔවුන් පළ කළ ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි දැක්වේ.