(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස 04 සිට ඔක්තෝබර් 12 දක්වා කාලය තුළ කැරිබියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සී. පී. එල්. විස්සයි20 තරගාවලියේ (Caribbean Premier League Cricket CPL T20) ශාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායම (St. Lucia Stars) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තිසර පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් (SLC) අවසර ඉල්ලා තිබේ.
තිසර සහ දික්වැල්ල එළඹෙන පාකිස්තාන සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තේරීම් කමිටුව විසින් තෝරා ගනු ඇතැයි විශ්වාසිත ක්‍රීඩකයින් දෙදෙනෙකු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
තිසරගේ සේවය පාකිස්තාන සංචාරයට අවශ්‍ය වූ සැනින් ලබා දිය යුතු බවට වන කොන්දේසිය මත ඔහුට ශාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබෙනු ඇත.
කෙසේනමුත්, මොවුන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු එළබෙන පාකිස්තාන සංචාරයට අකමැත්ත පල කර ඇති බවටද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
නවසීලන්තයට එරෙහි වත්මන් තරඟාවලිය අවසන් වූ පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ක්‍රීඩකයන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතය. පාකිස්තාන සංචාරය කෙරෙහි ක්‍රීඩකයින්ව දිරි ගැන්වීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ද සාකච්ඡා වලට සම්බන්ධ වේ.









