(ෆාස්ට් නිව්ස් | කොළඹ) –සිය අගනුවර වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට ඉන්දුනීසියානු බලධාරීන් තීරණය කර තිබේ.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසන පරිදි ‘ජකර්තා’අගනුවර අත්හැර ‘බෝර්නියෝ’දූපතේ නැගෙනහිර කලිමන්තාන් (East Kalimantan) ප්‍රාන්තයට සිය අගනුවර ගෙනයාමට නියමිතයි.
ඊට හේතුව ලෙස කෝටියක් පමණ ජනතාව ජීවත්වෙන ජකර්තා අගනුවර භූමියෙහි ඇතැම් කලාප වසරකට අඟල් දහයකින් (සෙන්ටිමීටර 25) ගිලා බසින බව ඇස්තමේන්තු කර ඇතැයි තවදුරටත් වාර්තා වෙයි.
ඉන්දුනීසියාවේ අනාගත අගනුවර නාමය කුමක්දැයි යන්න තවමත් තීන්දු කර නොමැත.









