(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ශම්මි සිල්වා, එහි හිටපු සභාපති තිලංග සුමතිපාලගේ නියෝග ක්‍රියාත්මක නොකරන තත්ත්වය තුළ මාස කීපයක සිට ශම්මි සහ සුමතිපාල පාර්ශවයේ සෙසු පිරිස අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉවත්කිරීමේ තීරණයේ ද ශම්මි සිල්වා පෙරමුණේ සිටියි.
කෙසේනමුත්, සුමතිපාල පාර්ශවයේ විරසකයත් සමඟ ශම්මි සිල්වා, හතුරුසිංහ සම්බන්ධයෙන් ලිහිල් පියවරක් ගනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කරති.
එසේ වුවහොත් හතුරුසිංහට ද ඉදිරි වසර එකහමාරකට වැඩි කාලයක් වැඩ කිරීමේ අවස්ථාව උදාවීමට ඉඩ තිබේ.
හතුරුසිංහ සම්බන්ධයෙන් තීරණය ලිහිල් වීම කෙරෙහි බලපෑ ඇති තවත් කරුණක් නම් ඔහුගේ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන්නේ නම් රුපියල් ලක්ෂ 1,120 ක් නැතහොත් රුපියල් කෝටි 11.2 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහු වෙත ගෙවීමට සිදුවීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ හතුරුසිංහ අතර අත්සන් තබා ඇති ගිවිසුම ප්‍රකාරව වන්දි වශයෙන් මෙම මුදල ඔහුට ගෙවීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසිය.
මේ අතර තතුදත් වෙනත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගිවිසුම අවසන් කිරිමේදී මූලික වැටුප පමණක් ලබා දිය යුතු හෙයින් රුපියල් කෝටි 6.4 ක මුදලක් ඔහුට ලබාදීමට සිදුවනු ඇති බවය. නමුත්, තවත් පාර්ශවයක් පැවසුවේ ගිවිසුමේ සඳහන් වන කොදේසි වලට අනුව ගිවිසුම බිද දමන්නේ නම් වසරක වැටුප් ලෙස රුපියල් කෝටි 8.4 ක් පමණ ගෙවීමට සිදුවන බවයි.
මාසිකව රුපියල් ලක්ෂ 70 ක පමණ මුදලක් ලබාගන්නා හතුරුසිංහගේ සේවා ගිවිසුම තවත් මාස 16 ක් දක්වා බල පැවැත්වීමට නියමිතය. එම සේවා ගිවිසුම් දක්වා ඇති කරුණුවලට අනුව දෙපාර්ශ්වය අතර ගිවිසුම අතර මග අවසන් කරන්නේ නම් ඒ සදහා ගිවිසුම් කාලය තුළ ලැබීමට නියමිත වැටුප් ලබාදීමට සිදුවේ. මේ අනුව අදාළ ගිණුම ඒකපාර්ශ්වීය වශයෙන් බිදදමන්නේ නම් එය ඒ වෙනුවෙන් වින්දිත පාර්ශ්වයට මුල්‍ය අලාභය ගෙවීමට සිදුවනු ඇත. යම් හෙයකින් ගිවිසුම අතරමග අතහැර දමා යන්නට පුහුණුකරුවා කටයුතු කරන්නේ නම් ඔහුද අදාළ ගිවිසුම ප්‍රකාරව වන්දි මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතුය.
මෙම තත්වය හේතුවෙන් දෙපාර්ශවය අතර යම් එකඟතාවකට අනුව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවටද විශ්වාස කෙරේ.
මේ අතර, රුපියල් ලක්ෂ 40 කට ආසන්න වැටුපකට නව පුහුණුකරුවන්ගේ සේවය ලබාගන්නට යන්නේ නම් එමගින් සිදුවන්නේ හතුරුසිංහට මාසිකව ගෙවූ වැටුපට අමතරව තවත් රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් නව පුහුණුකරුවකු වෙත ගෙවීමට සිදුවීමයි. එවිට හතුරුසිංහ හට මාසිකව ගෙවන රුපියල් ලක්ෂ 70 සහ නව පුහුණුකරුවාට ගවන රුපියල් ලක්ෂ 40 එක්වූ විට පුහුණුකාරිත්වය වෙනස්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව දැරිය යුතු අවම මුදල රුපියල් කෝටි 1.1 ක් පමණ වීම, පුහුණුකාරිත්වය නොවෙනස් කිරීමේ තීරණයට දැඩිව බලපෑම් කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.









