FAST NEWS

24×7 Around the Globe

පුහුණුකරු ධුරයට චන්දික හතුරුසිංහට ආරාධනා නෑ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා කිසිදු නිල ආරාධනයක් තමන් වෙත තවමත් ලැබී නැතැයි චන්දික හතුරුසිංහ පවසනවා.

මේ වන විට ඔහු කටයුතු කරන්නේ බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසයි.

තමන් වෘත්තීමය පුහුණුකරුවෙකු බවද එ නිසා පුහුණුකරු තනතුරක් සඳහා පුරප්පාඩුවක් තිබියදී තම නමද එ සඳහා යෝජනා වීම සාමාන්‍ය කරුණක් බවද හතුරුසිංහ කියා සිටියා.

තමන් උපන් රටේ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවෙකු වීමට ලැබීම භාග්‍යයක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් එ සඳහා සුදුසු වේලාව එළැඹිය යුතු බවද හතුරුසිංහ කියා සිටියා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ග‍්‍රැහැම් ෆෝර්ඩ් සහ ජෙෆ් මාර්ෂ්ගේ නම්ද යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න තාවකාලිකව කටයුතු කරනු ඇති.

මෙම ධුරය පුරප්පාඩු වූයේ මාවන් අතපත්තු ඉල්ලා අස්වීමෙන්.