FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු නායකයා තවත් මිසයිල අත්හදා බැලීමක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු කොරියානු නායක කිම් ජොං අන් තවත් මිසයිල අත්හදා බැලීමක නිරත වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව සමග යළිත් සාකච්ඡා සිදුකිරීමට හැකි බව ප්‍රකාශ කර තිබියදීත් එය පිටුදකිමින් අදාළ තීරණය ගෙන තිබේ.

දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ අද (24) අලුයම් කාලයේ මෙලෙස උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් ගුවනට යොමු කළ බවයි.

එය ඔවුන් පසුගිය සති කිහිපය තුළ සිදුකළ හත් වන මිසයිල අත්හදා බැලීම බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.