FAST NEWS

24×7 Around the Globe

කුළුබඩු ශ්‍රේණිගත කෙරේ

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මිනි ලැබ් නමින් කුඩා විද්‍යාගාර පිහිටුවා මෙම සහතික නිකුත් කිරීම සිදුකරන බව වාර්තා වේ.

කුළු බඩුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ගැටලූවලට විසඳුම් ලබා දී එහි මිල පහළ යාම වළක්වා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීම මෙහිදී අපේක්ෂා කරනු ලබයි.

ඒ යටතේ කුළු බඩු එක, දෙක, තුන ආදී ලෙස ශ්‍රේණි ගතකිරීමට නියමිතයි.

වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශය සහ පලිබෝධ හානි පිළිබඳවද මෙමගින් පරීක්ෂා ලක් කෙරෙනු ඇත.