(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඉන්දීය හිටපු මුදල් අමාත්‍ය පී. චිදම්බරම් මහතා අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුදල් අමාත්‍යවරයාව සිටියදී විදේශ ආයෝජකයින්ගෙන් අල්ලස් ලබාගත් බවට පී චිදම්බරම්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.
මෙම මූල්‍ය වංචාවට ඔහුගේ පුත්‍රයෙකු වන කාර්ති සිදම්බරම් මන්ත්‍රීවරයාද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් 73 හැවිදි පී. චිදම්බරම් මහතා ඉන්දීය කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අතර ඔහු තමාට එරෙහිව එල්ල වී ඇති අදාල චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.









