(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට මේ දක්වා නිල වශයෙන් නායකයකු පත්කර නොමැති අතර එහි නායකත්වයට ක්‍රීඩකයන් කීපදෙනකු අතර සීතල යුද්ධයක් නිර්මාණ වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට මීට පෙර වාර්තා වුවද, ක්‍රීඩා බලධාරීන් මේ වන විට පවසන්නේ විස්සයි20 නායකයකු පිලිබඳ අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි.
මේ අතර, මාලිංග නායකත්වයට පත්නොකරන ලෙස ඇතැම් ක්‍රීඩකයන් මේ වන විටත් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවදානය යොමු වී ඇති බව ද වාර්තා වේ.









