FAST NEWS

24×7 Around the Globe

සජිත්ගේ මාතර රැළිය කඩාකප්පල් කරන්න රනිල්ගෙන් සැලසුමක්?

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ලබන 23 වනදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී දැවැන්ත රැළියක් පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සංවිධානය කර තිබේ.

එම රැළිය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවිධානය කර ඇත.

නමුත් මෙම රැළිය පැවැත්වෙන 23 වනදා විශේෂ රාත්‍රී සාදයක් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංවිධානය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාදය සඳහා අනිවාර්යයෙන් පැමිණෙන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ආරාධනා පත්‍රයක්ද යොමු කර ඇත.

මේ නිසා මාතර දැවැන්ත රැළිය සඳහා සහභාගී වනවාද පක්‍ෂ නායකතුමාගේ රාත්‍රී සාදයට සහභාගී වනවාද යන්න පිළිබඳ දැඩි ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.