මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අර්ජුන රණතුංග හා ප්‍රසන්න රණතුංග සහෝදරයින් නමුත් ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නැති බව කියැවේ.
එයට හේතුව දෙදෙනා අතර පවතින දේශපාලන විරසකය නිසාය.
නමුත් අලූත් පාර්ලිමේන්තුවේදී මේ දෙදෙනාම එකට මුණගැසේ.
පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අසලදී දෙදෙනාට හදිසියේ කථාබහ කරන්නට සිද්ධවූ සිදුවීමක් වාර්තා වනවා.
පසුගියදා දෙදෙනා මුහුණට මුහුණලා හමුවූ
අවස්ථාවක් මතුවූයේපාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අසළ අර්ජුන මාධ්‍යවේදීන් පිරිසක් සමග කතා කරමින් සිටින විට ප්‍රසන්න එතැනට පැමිණි නිසාය. එතැන සිටියේ ප්රසන්නටද හිතවත් මාධ්‍යවේදීන් නිසා ඔහුට එහි ටිකක් රැඳී නොසිට යන්නට බැරි විය.
මාධ්‍යවේදීන් ප්‍රසන්න ඇමතීම නිසා අර්ජුන සිටියත් ඔහුට එතැන මගහැරයාමට නොහැකි විය.
එම අවස්ථාවේ අර්ජුන දෙස හැරුණ මාධ්‍යවේදිනියක පවසා ඇත්තේ ‘ස්පෝර්ට් කරලා නැවැත්තුවට පස්සේ බඩ එනවානේද..’ යනුවෙනි.
‘ජිම් ගියාම ඒක හරියනවා’ අර්ජුන ඇයට උත්තර දී තිබුණා
.මේ කතාවට සම්බන්ධවූ පාර්ලිමේන්තුවට නවකයෙකුවූ ප්‍රසන්න නිහඬව සිටියේ නැත.
‘මෙහේ ජිම් එකක් නැද්ද’ ප්‍රසන්න ඇසුවේ අර්ජුනගේ මුහුණවත් නොබලා බව කියැවුණා.
‘අර තියෙන්නේ’ අර්ජුනත් වෙනත් පැත්තක් බලාගෙන උත්තර දී ඇත.
‘කොහේද’ ප්‍රසන්නගෙන් නැවතක විමසා ඇත.
‘පුස්තකාලේ පැත්තේ තියෙන්නේ’ යැයි කියමින් අර්ජුනත් එතැනින් ඉවත්ව ගිය බවත් මාධ්‍යවේදීන්ට මෙය අසා සිනහා ගිය බවත් වාර්තා වුණා.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.