(ෆාස්ට් නිව්ස්|කොළඹ) – නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය ඊයේ (18) අවසන් වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.
අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
ගාල්ලේ දී පසුගිය වසරේ මුල් භාගයේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමට ලක්වීමකට පසුව පළමු වරට පසුගිය ටෙස්ට් තරගයට සහභාගී විය.
මෙම තරගයේදී ඔහු පළමු ඉනිමේදී කඩුලු 5ක් සමගින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.









