FAST NEWS

24×7 Around the Globe

කාබුල් නුවර පිපිරීමක් 63දෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස්| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මංගල උත්සවයක් පැවති උත්සව ශාලාවකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තවත් 180කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි අනාවරණය වී තිබේ

කාබුල් අගනුවරට බටහිරින් ෂියා මුස්ලිම් වැසියන් බහුතරයක් වාසය කරන ප්‍රදේශයකදී බෝම්බය පුපුරාගොස් ඇත.

තලෙයිබාන් සංවිධානය පවසන්නේ ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.

කෙසේ වෙතත් වෙනත් කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.