FAST NEWS

24×7 Around the Globe

චන්දික හතුරුසිංහ ලෝකයේ හොඳම පුහුණුකරුවන්ගෙන‍් කෙනෙක් – තිලංග සුමතිපාල

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරිසිංහට මේ දිනවල දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දීමත් සමඟයි. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා කියා සිටියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේ නීතිමය කරුණු විමසීමෙන් පසුව බවයි.

මිට අමතරව චන්දික හතුරිසිංහ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලංග සුමතිපාල.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වන්නේ පෞද්ගලික ගිවිසුමක් හරහායි. අපි ආරාධනා කරලයි හතුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් බාර දෙන්නේ. එහෙම කරලා ඉවර වෙලා අද එයාගේ වැටුප ගැනයි, කරන වැඩ ගැනයි ප්‍රසිද්ධියේ කතා කරන එක සම්පූර්ණයෙන් ම වැරැදියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරම් පහත් මට්ටමකට වැටිලා කතා කරන එක නින්දිතයි.

හතුරුසිංහ කියන්නේ අද ලෝකයේ හොඳ ම පුහුණුකරුවන් 3 – 4 දෙනා අතර ඉදිරියෙන් ම ඉන්න කෙනෙක්. බංග්ලාදේශ කණ්ඩායම උපරිමය තලයකට ගෙනාපු කාලයක තමයි අපේ ආරාධනය පිළිඅරගෙන ඔහු රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්නේ. එහෙම කෙනෙකුට රට සලකන්නේ මෙහෙම නම් ඒ මිනිස්සු මොනතරම් පහත් මට්ටමකට වැටිලාද කියලා තේරුම් ගන්න අමාරු නෑ.

අද අපි කුමාර් ධර්මසේන, රන්ජන් මඩුගල්ලේ වගේම සංගා ගැනත් මහත් ආඩම්බරයකින් කතා කරනවා. එහෙම ලෝකයම පිළිගත් තව කෙනෙක් විදියට තමයි අපි හතුරුසිංහ හඳුනා ගන්නේ. මේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිස ගැන මොන තරම් ආඩම්බර වෙන්න ඕනෑද? ඒත් අපි අද කරන්නේ මොන තරම් තුට්ටු දෙකේ වැඩද කියන එක හතුරුසිංහගේ සිද්ධියේදී පැහැදිලියි. මේවා දිහා ලෝකයම බලා ගෙන ඉන්නවා. ”