(FASTNEWS|COLOMBO) -කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන් 200ක් සහ හෙදියන් 300ක් බඳවා ගැනීමට අවධානය යොමු කර ඇත.
2019 වර්ෂය අවසන් වීමට පෙර අදාල පිරිස පලස්තීනයෙන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය සේවකයන් බඳවා ගන්නා ගිවිසුමපලස්තීන බලධාරීන් සමඟ සැප්තැම්බර් මාසයේ අත්සන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
වෘත්තීය පරීක්ෂණයකින් පසු අලුතින් විවෘත කරන රෝහල් කීපයක සේවයේ යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.









