(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රිකානු මහද්වීපය කේන්ද්‍ර කොටගෙන පැතිරී යන එබෝලා වෛරස් රෝගයට ප්‍රතිකාර ලෙස නිෂ්පාදනය කළ නව ඖෂධ දෙකක් කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවට වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම ඖෂධ අත්හදා බැලීම සිදුකර ඇත්තේ කොංගෝ ජනරජයේදීයි.
පසුගිය වසරේ එබෝලා වෛරසයෙන් පුද්ගලයන් 1800 දෙනෙකු මිය ගිය බවද විදෙස් වාර්තා සදහන් කරයි.
බෝ වන රෝග පිළිබඳ ඇමරිකානු ජාතික ආයතනය මගින් අනුමත කළ එම ඖෂධ 90 % ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම එබෝලා රෝගයට එරෙහි සටනේ වැදගත් ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.
2014 වසරේ සිට වසර තුනක් පමණ අප්‍රිකාවේ ගිනියා, ලයිබීරියා සහ සියෙරා – ලියොන් රාජ්‍යයන් හි පැතිරුණු එබෝලා වෛරස් රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11,310 ක් බවටත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.









