(ෆාස්ට් නිවුස් | කොළඹ ) – අමෙරිකා එක්සත් ජනපදය විසින් තලේබාන් නායකයින් සමග ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දා කටාර්හිදී සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් දහසක් යළි කැඳවීමට අමෙරිකාව එකඟතාවය පලකර ඇත.
තලේබාන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වීම කෙරෙහි අමෙරිකාවේ ප්‍රමුඛ අවධානය යොමුවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන පරිදි තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ ඉහළ පෙළේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට ද කැමැත්ත පලකර තිබේ.









