FAST NEWS

24×7 Around the Globe

ඇඟලුම් අපනයන ආදායම ඉහළ නැගීමක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – ඒකාබද්ධ ඇගලුම් සංසදයේ මහලේකම් එම්. පී. ටී. කුරේ මහතා ප්‍රකාශ කරන පරිදි පසුගිය වසරේ (2018) පළමු මාස 07 හා සැසදීමේදී මේ වසරේ අදාළ කාලය තුළ ඇගඵම් අපනයන ආදායම 9 % කින් ඉහළ ගොස් ඇත.

විගමණික සේවකයන්ගෙන් රටට ලැබෙන ආදායමට පසු මෙරට වාර්ෂික විදේශ ආදායමෙන්  43% ක්ම ලැබෙන්නේ ඇගලුම් අපනයනයෙනි.

මෙරට ඇඟලුම් සදහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර චීනය හා අමෙරිකාව අතර පවතින වෙළෙඳ ගැටඵවෙන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනයට වාසි අත්වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජී. එස්. පී බදු සහනය ලැබීම ඇඟලුම් අපනයන ආදායම ඉහළයාමට තවත් හේතුවක් වි තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට මහ පරිමාන ඇගලුම් ව්‍යාපාර 350 ක් පමණ ක්‍රියාත්මක වේ.

ඍජු හා වක්‍ර වශයෙන් එම කර්මාන්තවලින් ජීවනෝපාය සලසා ගන්නා පවුල් සංඛ්‍යාව ලක්‍ෂ 10 ඉක්මවන අතර ඒවායේ සේවක සංඛ්‍යාව ලක්‍ෂ 04 කට අධිකය.

මෙරට රජයෙන් තාක්‍ෂණික හා ව්‍යාපාර සහාය අපේක්ෂා කරන බවත් තව තවත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළඹ ව්‍යාපාරික අවස්ථා පුඵල් කරගැනීමට කටයුතු කරන බවත් ඒකාබද්ධ ඇගලුම් සංසදයේ මහලේකම්වරයා ප්‍රකාශ කරයි.