(ෆාස්ට් නිවුස් | කොළඹ)ලෝකයේ සිටින ළාබාලතම කෝටිපතිනිය වන Kylie Jenner ඇයගේ 22 වැනි උපන්දිනය ඊයේ (11) ඉතාලියේ දී ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබීය.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර උපත ලැබූ ඇය වෘත්තීයමය ව්‍යාපරිකාවක් මෙන්ම ප්‍රසිද්ධ නිරූපිකාවක්ද වෙයි.
නෑදෑයින්, හිතමිතුරන් කිහිපදෙනෙක් සමඟින් නැවක පවත්වනු ලැබූ මෙම උපන්දින සාදය සඳහා ඇය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20ක මුදලක් වැයකරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඇයගේ උපන් දින ඇඳුමට හා කොණ්ඩා විලාසිතාවට අධික මුදලක් වියදම් කර තිබූ අතර ඇයගේ මව වූ 63 හැවිරිදි Kris Jenner මේ සදහා සම්බන්ධ වීම ද විශේෂත්වයක්.









