FAST NEWS

24×7 Around the Globe

ලෙකීමා චීනයේ 13ක් බිලි ගනී

(ෆාස්ට්නිව්ස්|චීනය) – චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම මිලියනයකට වැඩි පිරිසක්  නිවාස වලින් ඉවත් කර තිබේ.

කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකුද අතුරුදහන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තායිවානය සහ චීනයේ මූල්‍ය අගනුවර වන ෂැංහයි අතර වෙන්ලිංහි සෙනසුරාදා අලුයම ලෙකීමා නායයෑමට ලක්විය.

පැයට කිලෝමීටර් 187  ක වේගයකින් මෙම ලෙකීමා සුළි කුණාටුව හමා යන අතර එය සීජීයැන්ග් පළාත හරහා සෙමෙන් උතුරු දෙසට ගමන් කරමින් සිටින බව වාර්තාවේ.

මේ හේතුවෙන් මිලියන 20 කට වඩා වැඩි ජනතාවක් පීඩාවට පත්වනු ඇති බව චීන ආපදා අංශය පවසයි.