(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ටෙස්ට් ලෝක කුසලානයක් පැවැත්වීම කාලෝචිත තීරණයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
පසුගියදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ටෙස්ට් ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රිකට් වලින් ඇත්ව යන බවත්, එයට විසඳුමක් ලෙස ටෙස්ට් ලෝක කුසලානයක් පැවැත්වීම කාලෝචිත බවයි ශ්‍රී ලංකා නායක පවසන්නේ.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති හෙයින් ටෙස්ට් ලෝක කුසලානයක් පැවැත්වීම තුලින් එවන් තත්වයන් අවම කර ගැනීමට හැකි බවයි.
මේ අතර, ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කලේ ටෙස්ට් ලෝක කුසලානය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විශිෂ්ට සංකල්පයක් වන අතර එය ටෙස්ට් ක්‍රීඩාවේ ආකෘතියට වැඩි ප්‍රබෝධයක් එක් කරනු ඇති බවයි.









