FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ නිළධාරීන් සංක්‍රමණිකයන්ට එරෙහිව මෙහෙයුමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියට අනුකූලව අයිස් හෙවත් එරට සංක්‍රමණික සහ රේගු බලකාය ඊයේ (08) මිසිසිපි ප්‍රාන්තයේ ආහාර සැකසුම් කර්මාන්තශාලා කේන්ද්‍ර කොටගෙන සිදුකළ මෙහෙයුමකදී එම ප්‍රාන්තයේ ආහාර සැකසුම් කර්මාන්තශාලා කේන්ද්‍ර කොටගෙන සිදුකළ මෙහෙයුමේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 680 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු පාසල් වාරයේ ආරම්භක දිනය වූ ඊයේ සංක්‍රමණිකයන්ගේ දරුවන් පාසල්වල සිට කෙලින්ම රදවා ගැනීම ද විශේෂත්වයක්.

එහිදී ඔවුන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීම පිළිබදව ඩිමොක්‍රටික් පක්ෂය දැඩි විරෝධය පළ කර තිබේ.

කෙසේ නමුත් ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 300 දෙනෙකු පසුව මුදා හරිනු ලැබූ බවයි.